නීත්‍යානුකූල නොවන ඩොලර් බැංකුවල තැන්පත් කරන්න සති දෙකක් – මහබැංකු අධිපති
නීත්‍යනුකූල නොවන ආකාරයෙන් උපයා ළඟ තබා ගෙන සිටින ඩොලර් බැංකුවල තැන්පත් කිරීම සඳහා සති 02ක සහන කාලයක් ලබා දෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
මහ බැංකු අධිපතිවරයා එලෙස පවසා සිටියේ මුදල් ප්‍රතිපත්ති විවරණයට අදාළව මහ බැංකුවේ (19) පැවැති මාධ්‍ය හමුවේදීය.
දැනට පවතින නීතිය අනුව අමෙරිකානු ඩොලර් 15,000කට වඩා වැඩි මුදලක් ළඟ තබා ගැනීම නීත්‍යනුකූල නොවන බවද ළඟ තබාගත හැකි එම ඩොලර් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 10,000 දක්වා අඩු කිරීමට කටයුතු කරන බවද අධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. නීත්‍යනුකූල නොවන පරිදි ළඟ තබාගෙන ඇති ඩොලර් සම්බන්ධයෙන් වන මහ බැංකු නීති රෙගුලාසි යටතේ පියවර ගෙන ඒ සම්බන්ධව නීත්‍යනුකූලව කටයුතු කිරීම සඳහා අදාළ අංශවලට දැනුම් දීමට කටයුතු කරන බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

