ලබන සතියේ සිට විදුලිය කපන්‌නේ නැහැ – කාන්චන විජේසේකර
අඛණ්ඩව විදුලි සැපයුමක් ලබන සතියේ මුල සිට ලබා දීමට උත්සහ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඩීසල් හා දැවිතෙල් මගින් විදුලිය නිපදවීමේ වියදම වැඩි වුව ද ඒ තීරණයක් ගැනීමට ගන්නා බවද ඔහු සදහන් කරයි.
විදුලි ජනක යන්ත‍්‍ර සදහා යයි කියමින් බොහෝ පිරිස් කෑන්, බැරල්, බූලි වලට ඉන්ධන රැස් කර ගන්නා නිසා ජනතාවට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය පහත බසින බව හෙතෙම කීය.
එනිසා අඛණ්ඩ විදුලිය සැපයීම මගින් එය මග හරවා ගත හැකි යයිද අමාත්‍යවරයා පැවසීය.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

