Latestක්‍රීඩාදේශීය

යුපුන් අබේකෝන් මීටර් 200 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

මීටර් 200 ඉසව්ව තත්පර 20.37කින් නිම කරමින් එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතුකර ගැනීමට කෙටිදුර ධාවන ශූර  යුපුන් අබේකෝන් ඊයේ (22) සමත් වූණා.

ඉතාලියේ වාසය කරන යුපුන් අබේකෝන් මෙම දක්ෂතාව දක්වන ලද්දේ එරට පැවති මළල ක්‍රීඩා ශූරතාවලියකදී බවයි ශ්‍රී ලංකා මළල ක්‍රීඩා ආයතනය නිවේදනය කළේ.

ඔහු විසින් බිඳදමනු ලැබුවේ විනෝජ් සුරංජය සිල්වා විසින් 2018 වසරේදී දක්වා තිබූ තත්පර 20.68ක් වූ ශ්‍රී ලංකා වාර්තාවයි.

 මීටර් 100 ඉසව්වේ ජාතික වාර්තාව උසුලනු ලබන්නේද යුපුන් අබේකෝන් විසිනි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *