අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අද – දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,842ක්
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අද (23) ආරම්භ විය.
කොවිඩ් වසංගතය හේතුවෙන් මාස 05ක් කල් දමා තිබූ 2021 වසරේ පැවැත් වීමට තිබූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අද (23) උදෑසන 8.30ට ආරම්භ වේ. විභාගය එළඹෙන ජූනි 01 දා තෙක් දින 10ක් පුරා පැවැත් වේ. මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 407,129ක් හා පෞද්ගලික අයදුම්කරුවන් 110 ,367ක් පෙනී සිටී. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,842ක හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක විභාගය පැවැත් වේ.
පෙරවරු 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර කල් වේලා ඇතිව විභාග ශාලාවට පැමිණේන්නැයි විභාග කොමසාරිස් වරයා ඉල්ලීමක් කර තිබේ. මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත් වෙන්නේ අර්බුද රැසක් මධ්‍යයේය. මෙම විභාගය පසුගිය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට තිබුණද රට තුළ පැවති කොවිඩ් වසංගතය හේතුවෙන් විභාගය මාස 05 ක් ප්‍රමාද විය.
තවද රට තුළ ඇති විදුලිය කැපීම සහ පවතින ඉන්ධන අර්බුදය මධ්‍යයේ මෙවර දරුවන් විභාගයට පෙනී සිටියි. කෙසේ වෙතත් දරුවන්ට නියමිත වේලාවට විභාග ශාලාවට පැමිණීම සඳහා දුම්රිය , ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් ඇතුළු පොදු ප්‍රවාහනය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් ලබා දි ඇත. විභාග ශාලාධිපතිවරු ඇතුළු විභාගයට පෙනී සිටින දරුවන්ගේ දෙමාපියන්ට ඉන්ධන හල්වලදී ප්‍රමුඛතාවය ලබා දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

