කරාපිටිය රෝහලට රෝගීන් ඇතුළත් කර ගැනීම සීමාකෙරේ
රටපුරා පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ පැමිණීම 50%කින් පමණ අඩුවී ඇති අතර මේ හේතුවෙන් අද දිනයේ සිට රෝහලට රෝගීන් ඇතුළත් කරගැනීම සීමාකිරීමට පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්‍ටන් පෙරේරා මහතා පවසනවා.
නමුත් හදිසි රෝගීන් ඇතුළත් කරගැනීම අඛණ්ඩව සිදුකරන බව ඔහු වැඩිදුරටත් පවසනවා.
අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන ප්‍රමුඛතාවයක් මත ලබාදෙන බව පැවසුවද මෙතෙක් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් නොමැති බැවින් රෝහල් සේවාවන් යථා පරිදි සිදුකිරීමට මහත් දුෂ්කර වී ඇති බව අධ්‍යක්ෂවරයා අවධාරනය කරනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

