Latestදේශීය

මිල සූත්‍රය මසකට වරක් හෝ ‌දෙවරක් – කාන්චන විජේසේකර

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉහළ දැමීමට කටයුතු කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා පවසනවා.

සෑම දෙසතියකට වරක් හෝ මසකට වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

තවද ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදාහැරීමේ වියදම් සහ බදු මුදල් මිල එම සංශෝධනයට ඇතුළත් කර ඇති අතර මිල සංශෝධනය සඳහා ලාභාංශ ඇතුළත් කර නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ අදහස් පල කර තිබෙනවා.

මේ අතර පසුගිය කාලයේ ලෝක වෙළද පොලේ බොරතෙල් මිළ සීග්‍රලෙස පහළ ගොස් තිබුනු අවස්ථාවේදී වත්මන් ආන්ඩුව ඉන්ධන මිළ පහත නොදැමූ අතර එවකට විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ එම මුදල් යොදාගනිමින් පිහිටුවන ගිණුම භාවිතා කරමින් ලෝක වෙළදපොලේ තෙල් මිළ ඉහල යන විටදී මෙරට තෙල් මිළ ඉහල නොදමා ස්ථාවරව පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.

අද වන විට රටේ සියලුම භාන්ඩ සහ සේවාවන් හී මිළ අසාමාන්‍ය ලෙස ඉහල යමින් තිබෙන්නේ ඉන්ධන මිළ ඉහල යාම තුළයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *