මැතිව්ස් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ඉහළට
බංගලාදේශයට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ලකුණු 199ක් ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් අන්තර්ජාතික ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණීමට සමත්වී තිබෙනවා.
ස්ථාන පහක් ඉදිරියට එමින් ශ්‍රේණිගතකිරීම්වල 21වන ස්ථානයට පැමිණීමට මැතිව්ස්හට හැකිවී ඇතිබව අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය අද නිවේදනය කලා.
මේවනවිට ටෙස්ට් ක්‍රිකට් පිතිකරු ශ්‍රේණිගතකිරීම්වල පළමු 20 දෙනා අතර සිටින එකම ශ්‍රී ලාංකික පිතිකරුවා වන්නේ කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්නයි. ඔහු පසුවන්නේ පස්වෙනි ස්ථානයේයි.
එලෙසම කුසල් මෙන්ඩිස් (49) සහ දිනේෂ් චන්දිමාල්ද (53) ශ්‍රේණිගතකිරීම්වල ඉහළට පැමිණ සිටිනවා.
දැන් ක්‍රියාත්මක දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද දින වර්ෂාව නිසා තරගය නතර කරනවිට සිය පළමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය ලැබූ ලකුණු 365ට පිළිතුරු ලෙස කඩුලු හතරක් දැවී ලකුණු 210ක් රැස්කරගෙන සිටියා. එහිදී මැතිවුස් නොදැවී ලකුණු 25ක් සහ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 30ක් ලබාගෙන සිටියා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

