සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ
මැයි 9වන දින කොල්ලුපිටිය “මයිනාගෝගම” හා ගාළුමුවදොර “ගෝඨාගෝගම” සාමකාමී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එහිදී මන්ත්‍රීවරු දෙදෙනා ඇතුළු සැකකරුවන් 6දෙනා ජුනි මස 1වනදා දක්වා නැවතත් බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළා.
සැකකරුවන් අද අධිකරණයට ගෙන එන අවස්ථාවේදී ඔවුනට විරුද්ධව ජනතාව උද්ඝෝෂණයක නිරථව සිටි අතර එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුනා.
විශේෂ පොලිස් ආරක්ෂක භට පිරිස් ආරක්ෂාව සදහා යොදවා තිබුනු අතර මාර්ග බාධක යොදා අධිකරණයට ඇතුළුවන මාර්ගයන් ආවරණය කර තිබුනා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

