Latestදේශීය

මහ බැංකු අධිපති ධූරයෙන් නන්දලාල් වීරසිංහ ඉවතට?

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉවත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇතැයි අනාවරණය වේ.

ඒ වෙනුවට හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත් කිරීමට නියමිත බවද කියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවට සහාය වීමට පත් කළ උපදේශක කමිටුවේද සාමාජිකයෙක් ලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කටයුතු කරයි.

ආර්ථික අර්බුදය උත්සන්න වන විට ජනාධිපතිවරයාගේ ආරාධනාවක් මත ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි නන්දලාල් වීරසිංහ මහතා මහබැංකු අධිපති ධුරයට පත් කෙරිණි.

අරුණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *