සභාපතිතුමා අපේ අගය දන්නවා – මහින්ද අමරවීර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු අමාත්‍යධූර ලබා ගත්තේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙල සාර්ථක කිරීම සදහා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
තවද ඉදිරියේ තවත් මන්ත්‍රිවරු සංඛ්‍යාවක් රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් පවසනවා.
හිටපු ජනාධිපති වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යධූර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අගය දන්නා බවත් එබැවින් කිහිපදෙනෙක් කියූ පමණින් විනය පරීක්ෂණ පැවැත්වීමට සභාපතිතුමා කටයුතු නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව අමරවීර මහතා වැඩිදුරටත් පවසනවා.
මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ අදහස් පල කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

