ඉන්ධන ලබා දීමේ හැකියාව සලකා බලනවා – රුසියානු තානාපති කාර්යාලය
රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව කර ඇති ඉල්ලීම පිළිබඳව සලකා බලන බව කොළඹ රුසියානු තානාපති කාර්යාලය සඳහන් කරයි.
රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වන විට රුසියාවෙන් තෙල් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව විමසා ඇති බවත් ඒ වන විට සලකා බලමින් සිටින බවත්ය.
බලශක්ති අමාත්‍යවරයා සමඟ රුසියානු තානාපතිවරයා මේ පිළිබඳව සාකච්ඡා කළේ යැයි පළ වන වාර්තා අසත්‍ය බව ද ප්‍රකාශිකාව සඳහන් කළාය.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

