Latestදේශීය

යෝෂිත මහින්ද වෙනුවෙන් නාවික හමුදාව හොඳටම යොදවලා

නාවික හමුදාවේ 372 ක් හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුගේ එවකට සිටි කාර්ය මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ විසින් පත්කර තිබූ බව අනාවරණය වේ.

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ පසුව ද එම පිරිසම පසුගිය 23 වෙනි දින දක්වා අරලියගහ මන්දිරයේ ආරක්ෂාව සඳහා කටයුතු කර තිබේ. ඉන් පසුව අදාළ නාවික හමුදා කඳවුරුවලට එම භට පිරිස් පිටත් කර යවා ඇත.

බඳවා ගැනීමේ සුදුසුකම් පහත හෙළිමෙන් පසුව යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියෙකු වශයෙන් ඇතුලත්කර තිබූ අතර තවත් දක්ෂයන් සිටියදී ඔවුන් පසෙකට දමා බ්‍රිතාන්‍යයේ පුහුණු පාඨමාලා සඳහා යෝෂිතව පිටත් කරනු ලැබීය. එම වකවානුවේ ඉහල නාවික හමුදා නිලධාරීන් පවා යෝෂිත යටතේ සේවයට යොදවා තිබිණි.

ඒ ආකාරයෙන්ම 2019 සිට පසුගිය මැයි 23 වෙනිදා දක්වා නාවික හමුදාව මහින්ද රාජපක්ෂගේ ආරක්ෂායට යෝෂිත රාජපක්ෂ යටතේ යොදවාගෙන තිබිණි.

Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *