Latestදේශීය

ශෂී වීරවංශට වසර දෙකක සිර දඩුුවම්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබේ.

ඊට අමතරව රුපියල් ලක්‍ෂයක දඩ මුදලක්ද එය නොගෙවන්නේ නම් අමතර තවත් හය මසක සිර දඬුවමක්ද ලබා දෙන ලෙසද නියෝග කර තිබේ.

නීති විරෝධී ලෙස දේශ ගමන් බලපත්‍ර සකස් කිරීමේ චෝදනාව විභාගයට ගැනීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විසින් මහතා මෙම නියෝගය අද නිකුත් කරනු ලැබීය.

කෙසේ වෙතත් මෙම නියෝගයට එරෙහිව ඇය විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

එනිසා ඇය ඇප මත මුදාහරින්නැයි නීතිඥවරුන් කළ ඉල්ලීම ලබන 30 වන සදුදා සලකා බලන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පැවසීය.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *