Latestදේශීය

21වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ‌යෝජනා සදහා පක්ෂ නායක හමුව අද

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ 21 වන ආන්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය පිළිබද කතිකා කිරීමට සියලු පක්ෂ නායකයින් නියෝජනය වන පරිදි සර්වපාක්ෂික හමුවක් අද (27) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සංවිධානය කර තිබුනා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ මෙම සර්වපාක්ෂික හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආන්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 09, සමගි ජන බලවේගය, විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව සිටියා. ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සංධානය මෙම හමුවට සහභාගි නොවීම විශේෂත්වයක්.

මේ අතර අද මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, අධිකරණ අමාත්‍යංශයට තම යෝජනා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බවයි.  


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *