Latestදේශීය

නොරච්චෝල බලාගාරය නැවත අක්‍රීය වීමේ අවධානමක

ඉදිරි දින කිහිපයේ දී නොරොච්චෝල ගල් අගුරු බලාගාරය අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇතැයි ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරුවන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ ලේකම් එරංග කුඩාහේවා මහතා පවසන්නේ බලාගාරය අමතර කොටස් වල පවතින හිගට මතය එහි නඩත්තු කටයුතු සිදු කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

බලාගාරයේ දෙවන හා තුන්වන ජනන යන්ත්‍ර වල වාර්ෂික නඩත්තු වසර දෙකකින් පමණ සිදු කර නොමැති බවත් එළැඹෙන මාසයේදී එය සිදු කිරීමට බලාපොරොත්තු වුවද අමතර කොටස් වල පවතින හිගය නිසා එය සිදු කර ගැනීමට නොහැකි වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

එනිසා බලාගාරයේ විදුලි යන්ත්‍රයක් හදිසි බිඳ වැටීමක් සිදු වූවොත් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය අමතර කොටස් මණ්ඩලය සතුව නැතැයි ද හෙතෙම පවසයි.

අමතර කොටස් මිලට ගැනීමට ණයවර ලිපි විවෘත කර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇතැයි ද පැවසු ඔහු මේ පිළිබඳව වගකිය යුතු සියලු අංශ දැනුවත් කර ඇතත් මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද තවදුරටත් පැවසීය.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *