Latestදේශීය

සිරදඩුවමට එරෙහිව ශෂී වීරවංශගෙන් අභියාචනයක්

තමන්ට පනවා ඇති වසර දෙකක සිරදඬුවමට එරෙහිව ශෂී වීරවංශ විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

එම අභියාචනය අනුව ඇය ඇප මත මුදාහරින ලෙස ඇයගේ නීතිඥවරුන් කළ ඉල්ලීම ලබන 30 වනදා සලකාබලන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

මෙම ඇප ඉල්ලීම අද (27) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතගේ නිල මැදිරිය තුළදී කැඳවා තිබේ.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් තබාගැනීමේ චෝදනාවට වරදකරු වූ ශෂී වීරවංශට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අද වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබිණි.

Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *