පලාත් පාලන ඡන්දය කල් දාන්‌නේ නැහැ – දිනේෂ් ගුණවර්ධන
පළාත් පාලන ඡන්දය කල් දැමීමට බලාපොරොත්තු නොවන බවද ඒය ඉතා පැහැදිලි බවද රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ’ (27) පැවති රැස්වීමක දී ය.
අභියෝග ජයගත හැකි නව පරම්පරාවක් පළාත් පාලන ක්ෂේත්‍රයට බිහිවී ඇති බවද, තරුණ නියෝජිතයින් රාශියක් අද අඩියෙන් අඩිය ඉදිරියට පැමිණ ඇති බවද සදහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඒය පළාත් පාලන ක්ෂේත්‍රයටත් ජාතික දේශපාලනයටත් ඉතා වැදගත් බවයි.
පළාත් පාලන පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් බණ්ඩාර වීරසේකර, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය බී සූරතිස්ස ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ නිලධාරින් මෙම අවස්ථාවට එක්විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

