Latestදේශීය

මාක්ස් ලෙනින්වාදී පක්ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර සාකච්ඡා

නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර සාකච්ඡාවක් අද (මැයි 29) කොළඹ 06, වැල්ලවත්ත, හැම්ප්ඩන් පටුමග, අංක 121 ස්ථානයේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂ කාර්‍යාලයේ පැවැත්විණි.

නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂය වෙනුවෙන් එහිප්‍රධාන ලේකම් එස්. කේ. සෙන්දිවේල්, ජාතික සංවිධායක වී. මහේන්ද්‍රන්, මධ්‍යම කාරක සභාව වෙනුවෙන් එන්. ප්‍රදීපන්, ඩේවිඩ් සුරේන්, ක්‍රිෂ්ණප්‍රියන්, මෝහන්‍ රාජ්, එස්. නන්දමෝගන් යන මහත්වරුන් සහභාගී විය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සහ මධ්‍යම කාරක සභික හේමමාලි අබේරත්න මහත්මිය සහභාගී විය.

ජන අරගලයේ අභිලාෂයන් ජයග්‍රහණය කිරීම සඳහාත්, ගෝඨා – රනිල් ආණ්ඩුවේ මර්දනය පරාජය කිරීම සඳහාත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහාත්, ඒකාබද්ධ ක්‍රියාකාරීත්වයකට පක්ෂ දෙක අතර පුළුල් එකඟතාවක් නිර්මාණය වූ බව පුබුදු ජයගොඩ මහතා අප කළ විමසීමකදී පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *