ජන අරගලය, රමණි බර්තොලමියුස්ගේ මරණය සහ CIA පාඩම
ථේර ගාථාවක තියෙනව මෙහෙම –
අහස දම්පාට වී වැහිබර වු කල ඒ අහස මැදින් පිසාසරන සුදුපාට කොක්කුන් රැල මාගේ සිත් ගනි.
මේ වගේ දෙයක් මා හැබැහින් දුටුවා. දම්පාට අහසක් යට තද කොලපාට වෙල්යායක් මැදින් සුදු ඇදගත් මිනිසුන් පෝලිමක්. ගම්පහ නගරයේ සිට අත්තනගලු ඔය මතින් දිවෙන පාලම හරහා අස්ගිරිය පහුකරගෙන යන එකම සුදු වැලක්.
කමල් අද්දරආරච්චි රමණි බතොලමියුස්ව මරා දමලලු. නිවස තුල මේ ගැන කතාවෙනවා. අපේ ජිවිත තිබුනේ නිවස තුල නොව පාසැල තුල. අපි 7තේ පංතියේ . Playboy, Penthouse, Exiting, Color Climax වගේ magazine වල Sweeden, Nederland porn නිලියො එක්ක අපි හිටියේ. ඉතිං අපිට රමණිව touch වෙලා තිබුනේ නැහැ.
අත්නගලු ඔයේ මැද්දෙ පාවෙන බෝට්ටුවක සිමාමාලකයක් හදල උපසම්පාදා පුන්‍යකර්ම කරනවා විටින් විට. එත් කවදාවත් මෙහෙම සෙනගක් ඉදල නැ. උපසම්පදා පුන්යකර්මයටවත් නැති මිනිස්සු වැහිබර අහස යට වරු ගනන් මිනිස්සු ඉතා සංසුන්ව හිටගෙන පෝලිමේ ඉන්නව රමණිගෙ මලගෙදර යන්න.
හිටපු ගමන් මිනිස්සු සේරම රමණිගේ නැදැයෝ වෙලා. පාසැලේ පංතියේ සමහර කොල්ලන්ට Color Climax magazine එක දුන්නහම ප්‍රතික්ෂේප කරනවා. ඇයි මචං කියල අහපුවාම රමණි මැරුනු දුකෙන්ලු ඌ ඉන්නෙ. රමණි උගෙ නෑදැයෝ වෙනවලු. ඌට ඔය වල් magazine එපාලු. කෝචියෙ යන මිනිස්සුන්ගෙත් වැඩි හරියක් රමණිගේ නැදැයෝ වෙලා. මට ඇහෙනව මිනිස්සු කතාකරන දේවල්. සමහරු කමල්ගෙ නෑදැයෝ වෙලා. යකෝ පොලීසිය හැසිරිච්ච විධිය ! අම්මට හුඩු ! මිනිස් පෝලිම පාලනය කරන පොලීසිය පුදුම සංවර ලෙස සංවර මිනිස් පෝලිම පාලනය කලේ. ගම්පහ වෙල මැද්දෙන් දවස් ගණනක් යනකම් සුදු ඇදගත් සංවර මිනිස් පෝලිමක් එක දිගට.
අන්තිමට භුමදානය ඉස්සරහට දාන්න වුනා සියලු මිනිසුන්ට රමණිගේ දේහය බලන්න ඉඩදිය යුතු නිසා. මට සිදුවන මේ දෙය අවබෝධ කරගන්න පුලුවන් වුනා. ඒත් මේ සිද්ධිය පාසැලේ මිතුරන් තුල සිදුකළ profound effect එක අවබෝධ කරගන්න මට බැරිවුනා සැහෙන කාලයක් යනකම්. අවුරුදු ගාණනකට පසුව කියවු එක පොතක් නිසා මට මිනිස් සමුහයක් හැසිරෙන විදිහ ගැන profound understanding එකක් ලැබුනා. හරි වටින අලංකාර පොතක් ඒක.
මම හරි කැමතියි පුබුදුයි, අනුරයි කඩේට ගිහින් එද්දි දෙන්නට දෙන්න අතර මගදි හමුවෙලා ෂොපින් බැග් ඉරාගෙන දෙන්නම කාණුවක පෙරලිලා ගුටි කෙලගන්නව බලන්න. එහෙම නැත්නම් ලාල් කාන්තයි දුමින්ද නාගමුවයි කොලර් වලින් අල්ලගෙන දත් මිටිකාගෙන ගහගන්නව බලන්න.
දේශපාලනය ඒකයි. එහෙම කෙලගත්තයින් පස්සෙ ඉබේම compromise එකකට එනවා. රෙද්දෙ සාමයක් නැහැ politics තුල. අදාල වැඩය වෙනුවෙන් compromise විමක් පමණයි politics තුල පවතින්නෙ. කෙලගෙන හරි කෝන්තර ඉවර කරගන්නේ නැතුව ගම්වල ඉන්න නාකි ගැහැණු වගේ මෙලෝ මලදානයක් නොකර සදාතනික වෛරයෙන් පමණක් විදෝ විදෝ මැරිල යන එක පිරිමිකමට ගැලපෙන්නෙ නැහැ. දේශපාලනයේ නියතු පිරිමින් දෙඩුම්ශිල්පි පොන්සියෝ ගානට වැටෙන එක කිසිදා සිදුනොවිය යුත්තක්.
මැයි 9 වනදාට පසුව Kaputas Republic හි තිබුන අරගලය new step එකක් කරා ගමන් කරනවා. ඉතාම භයානක step එකක්. එහෙම තමයි ලෝකෙ කොහෙත් අරගලවල ස්වභාවය. Dynamic stability එකකට පත්වෙනවා සෙලවිම් කිහිපයකට පසුව. නන්දෙයි රනිලුයි එකතුවිම තුල පහලවු Dynamic stability එකක් යනු හොදි ඕනෙම නැ. ඒක හරිම භයංකරයි. අංගුලි මාලයයි ආලවකයයි දෙන්නම එක්ක කැලේ මැද්දෙන් සිතුල් පව්ව වදින්න යනවා වගේ හරිම භයානකයි මේක. කොයි වෙලේද දන්නෙ නැහැ. ඉතාම භයානකයි කියල මම කියන්නෙ කුමක්ද?
සිදුවෙමින් පවතින දේට මිනිස්සු හුරුවීමයි ඉතාම භයානක.
පාන් බාගයක් පලල ඒ මැද්දට මිරිස් ගුලියක් දාලා ඒක අරන් පොල් ලී පලන්න ගියා අයියේ….. කියල මට කියන මල්ලි දෙස මම අනුකම්පාවෙන් නොබලමි. මා ඒ අහිංසකයව දකින්නේ පිපිරිමට නියමිත පුංචි කාල බෝම්බයක් ලෙසයි.
අයියේ වෙලේ ලග කඩෙන් ඉදිඅප්පන් කාල තමයි උදේ වැඩට යන්නෙ … කොල්ලා දැන් දවල්ට කාලා Coca Cola එකක් බිලා දැන් සිගරට් ගහනවා අයියේ. ඔයාලා බරපතල දේවල් වලට නම් ඉතිං අපි යන්නෙ නැනෙ… කියල සරල සුනම්‍ය විනෝදයෙන් මා හට පැවසූ ඒ මල්ලි දවල්ට කන්න පාන් බාගයක් මැදට මිරිස් ගුලියක් ඔබාගෙන යාම දේශපාලනය කතාකරන මා තුල භීතියක් ජනිත කරවයි. ඒ ඇයි?
Esteem එක නැතිවිම. පිරිමියෙකු තුල esteem එක නැතිවිම භයානකයි.
Esteem එක යනු කුමක්ද?
හොදට සල්ලිබාගෙ තියෙන මගේ යාලුවෙකුට ඕනාවුනා වෙල අයිනෙ කටුමැටි ගෙයක් හදාගෙන ඒක ඇතුලෙ ජිවත්වෙන්න. මැටි ගේ හදන්න වයසක කුලී කාරයෙක් ආවා. මේ මිනිහට කොච්චර කන්න බොන්න දුන්නත් එපා කියනවා. අපිට මහ වදයක්. අපිට කන්නත් බැ මේ යකා කන්නෙ නැති නිසා. බැරිම තැන මම ගිහින් කතාකලා. මට තද වුනාම මම අණ කරනවා. මිනිහා ඔලුව පාත්කරගෙන මම කියන ඒවා අහගෙන උදැල්ලෙන් පස් කපනවා. තව ටිකකින් මම මේ වයසක මනුස්සයාට ගහලා එලවන බව ඔහුටම තේරෙනවා. මිනිහ ඔලුව උස්සලා කියනව,
පුතේ අපි සිමෙන්ති ෆැක්ටරියෙ වැඩකරපු මිනිස්සු. දවල්ට ප්ලේන්ටියයි සිගරට් එකයි. බඩගින්න නැතුව යනවා. රැට ගෙදර ගොහින් පවුලයි ළමයි එක්ක තමයි කන්නෙ.
“මේ මනුස්සයාගේ esteem එක නැතිකරන්න හදපු මම වගේ පාංකඩ බල්ලෙක්” කියල හිතමින් මම ආපුහු හැරි අටඹ ගස් සෙවනට යනවා.
Esteem එකට Coca Cola ඕනෙ නැ.
මිනිසෙකුගේ esteem එක නැති වුනහම ඒ මිනිහා තමන් ගිය පාරෙන් පිට පනිනනවා. ඕනැම දෙයක් කරන්නට මිනිසෙකුට සිත් දෙන්නෙ මිනිසෙකුට තමන් ගැන තමා තුල වු ගරුත්වය නැතිවු විටයි.
කම්බ නාකි මෝඩයෝ ටිකක් හදපු මේ ආර්ථික අර්බුධය නිසා ඉදිරි මාස කිහිපය තුල ඔබට නැතිවෙන්නෙ ඔබගේ බැංකුවේ ඉතිරි කිරිමේ ගිණුමේ තිබු සල්ලි නෙමේ, ඔබගේ esteem එක. කෙල්ලකගේ කනේ තෝඩු උගස් තිබ්බහම නැතිවෙන්නෙ ඒ කෙල්ලගෙ ලස්සන නෙමෙයි ඒ කෙල්ලගෙ esteem එක. අපේ කමත් වල රග දක්වපු ලෙන්චි කෝලමේදි රජ බිසවගේ දියණියව රජු මාලිගයෙන් පිටමං කරනව හිස් අතින් එක දාසියක් සමග. නමුත් රජ බිසව දියණිගේ තැල්ල සහ ආභරණ ගැලවිමට ඉඩ දෙන්නෙ නැහැ.
අර්බුධය පටන් ගත්තා පමණි. ගිනි කන්ද පුපුරා යාමට පටන් ගත්තා පමණි. එසේනම් අරගලය නිම වෙන්නෙ කෙසේද? මෙවැනි අවධියක ගම්දනව් වල ජනතාව තමන්ට සිදුවිමට යන දේවල් පිලිබද අවධියෙන් තබාගත යුතුයි නේද? අවධියෙන් සිටිමම ප්‍රමාණවත් නැහැනෙ. මරිමෝඩ නන්දෙගෙ ගොං කාබනික ලණුව කාපුවහම කෙල වෙනවා කියල දැනදැනත් ගොවියෝ ඒ ලණුව කැව නේද? එහෙම තමයි. ඔවුන් අසරණයි. වෙන මොනව කරන්නද ඔවුන් ?
අපි ඔවුන්ව තනි කළා.
එහෙම නොවෙන්නනම් අපි කුමක් කළ යුතුද? අපි ඒ ජනතාවගේ spirits up එකේ තබාගත යුතුයි නේද? පක්ෂ අරගලයකින් කළ හැකි ලබ්බක් නැති බව දන්න නිසානෙ ජනතාව 9 වෙනිදා පාරට බැස්සෙ. කව්රුත් දන්නවා අවශ්‍ය වන්නෙ ජනතා අරගලයක්. ජන අරගලයක් සිදු නොවී ජනතාව ඉදිරියට සිදුවන දේවල් වලට කරබාගෙන හුරුවී නිහඩ වුනොත් එය භයංකාර පුද්ගල, පවුල්, සමාජ සංකිර්ණතා රට තුල ඇති කරවන නිසා අපට ඇත්තේ එකම විකල්පයක් පමණි. එය ජන අරගලය පමණමයි.
ගම්දනව් වල මිනිසුන්ගේ spirits අරගලය කෙරෙහි up එකේ තබාගැනිමට කළ හැකි විවිධ උපක්‍රම ඇත. ප්‍රශ්ණය කවුද මේ උපක්‍රම ක්රියාවේ යොදවන්නෙ? අපි හදෙන් හරි අගහරු ලෝකයෙන් හරි මිනිස්සු ගෙන්නලා මේවා කරවන්නද? ඉන්න සමාජ කණ්ඩායම් වලට තමයි මේ වගකිම පැවරෙන්නේ.
පෙරටුගාමි සමාජවාදී පක්ෂය සුදානම්. ඔවුන් සවන්දෙනවා. තේරැම් ගන්නවා. නමුත් ඔවුන් තනිවම මේවා කිරිම negative effect එකක් ඇතිකරවනවා අරගලය තුල. ජනතා විමුක්ති පෙරමුණ කරන්නෙ ඔව් ඔව් කියන එක විතරයි. JVP එක “පක්ෂ යාන්ත්‍රණය” කියන ඔවුන්ම සාදාගත් මර උගුලක හිරවෙලා. JVP පක්ෂය තනිවම මේ උපායමාර්ග ක්රියාවේ යොදවන එකත් negative effect එකක් ජතතා අරගලය තුල ඇතිකරවනවා. මේ පක්ෂ දෙකම ජනතා නැගිටිමට මහගු දායකත්වයක් දුන්න පක්ෂ දෙකක්. නමුත් වර්තමාන situation එක estimate කල යුතුයි නේද මේ පක්ෂ දෙකම. මේ පක්ෂ දෙකම බෙදිම් නැතිව පක්ෂ symbol එකෙන් තොරව ජනතාව තුලට fusion විමයි මේ මොහෙතේ සිදුකල යුත්තෙ? මම වැදදිද? වැරදි නම් කියන්න. මේ පක්ෂ දෙකම තේරැම්ගත යුතු දේ තමයි සාමාන්‍ය ජනතාවගේ අවිඥ්ඥානය තුල පක්ෂ පැවැත්මක් ඔවුන්ට නැති බවත් නමුත් ජනතාව තුල සංයෝජනය වීම තුල ඔවුන්ට සදාකාලික පැවැත්මක් ඇති බවත්. අවිඥ්ඥානික ආශාවකින් මැතිවරණයක දී කතිර ගසන මිනිසා දෙස මේ පක්ෂ දෙකම ගැඹුරින් බලා ඒ සත්‍යය මේ පක්ෂ දෙකම බාරගත යුතුයි.
පක්ෂයක් අවශ්‍ය වන්නෙ අදාල political act එක සංවිධානාත්මකව කිරිමේ යාන්ත්‍රණය සාදාගැනිමට මිස ටකේ හොල්ලනවා වගේ තැන තැන හොල්ලල හොල්ලල පාර්ලිමෙන්තු ආසන ගණන වැඩිකර ගැනිමට නෙමෙයි. රටේ ජනතාව අර්බුධයකට මුහුණ පාමින් සිටිනවා. ජනතාව අර්බුධයට සහ එහි දුක්ගැහැට වලට හුරුවිම තරම් කාලකන්නි කමක් තවත් නැහැ. ජනතාව අවධියෙන් තබාගත යුතුයි. අරගලය පිලිබද ඔවුන්ගේ spirits දියවි යාමට ඉඩනොදි up එකේ තබාගත යුතුය. ඒ සදහා ගතහැකි උපායමාර්ග එමටයි. බෙදිම් නැති එක ප්රවාහයකට ජනතාව ඇලුම් කරයි. “නිර්පාක්ෂික” කියන symbol එක මේ වෙනකම්ම වැඩ කළේ ඒ නිසායි.
කමලුයි රමණියි බෙදිලා මරාගත්තට රමණිගේ මිනිය බලන්න කමල්ව අරන් එනවා කියන ආරංචියට වෙල මැද්දෙන් තිබුන පෝලිම දෙගුණයක් වුනා. මිනිස්සු තමන්ගේ එදිනෙදා වැඩ දාලා පාරට එන්නෙ නැ නිකම්. රමණි effect එක වැඩ කළ විදිය මට අවබෝධ වුනේ politics ගැන ලියවුන ලස්සන පොතක් කියවල. ජනප්රවාහයක් දිශානති ගතකිරිමට කිරිමට දේශපාලන කණ්ඩායමකට හැකියාවක් අවබෝධයක් තිබිය යුතුයි. මේ effects භාවිතා කලානම් CIA එක මේ effects භාවිතා කලානම් අයිස්ක්‍රීම් හදන කොම්පැනි ඇයි ඔබට බැරි?
ජනා චාමින්