Latestදේශීය

දේශබන්දු තෙන්නකෝන් සති දෙකකට නිවාඩු

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සති දෙකක කාලයකට රාජකාරියෙන් නිවාඩු ලබාගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා පොලිස්පති සි.ඩි වික්‍රමරත්න විසින් නියෝජ්‍ය පොලිස්පති ඩී.ජේ පලිහක්කාර පත් කර තිබේ.

ඩී.ජේ පලිහක්කාරගේ පත් කිරීම නැවත දින 14කින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් නිවාඩු අවසන් කරන තෙක් අදාළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පසුගිය 09 වෙනිදා මයිනාගෝගමට සහ ගෝටාගෝගමට පහරදීමට අරලියගහ මන්දිරයේ සිට පැමිණි මැරයන්ට එම පහරදීමට අවස්ථාව ලබා දුන් බවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන්ට බරපතල චෝදනා එල්ල වී තිබේ.

Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *