Latestදේශීය

භික්ෂුුුන් මරා දැමිය යුතුයැයි කාල්ටන් නිවසේ බණ කියනවා – ඕමල්පේ සෝභිත හිමි

21 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතකර ගැනීමේ වගකීම පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ටම ඇති බව ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයින් ක්‍රියා නොකළහොත් ජනතාවගේ පීඩනය තුළ ඇඩූ කදුළින් වන්දි ගෙවීමට ඔවුන්ට සිදුවනු ඇති බව සෝභිත හිමියන් වැඩි දුරටත් පවසනවා.  

තවද මේ රටේ භික්ෂූන් මරා දැමිය යුතු යැයි කාල්ටන් නිවාසේ බණක් කියා ඇති බවත් ඒ පිළිබදව එම බණ අසා සිටි උපාසක ඇත්තෝ හිනාවෙවී අහගෙන සිටියා මිසක් වෙනත් ප්‍රතිචාරයක් නොදැක්වීම අවාසනාවන්ත තත්ත්වයක් බවත් පවසන සෝභිත හිමියන් මෙවන් වටපිටාවක තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට කැදවීමට ගන්නා උත්සාහය කණගාටුවට කරුණක් බව ද පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *