ආන්ඩුවේ 21 වන සංශෝධනය හරයක් නැති ලියවිල්ලක් – පුබුදු ජයගොඩ
වත්මන් අරගලය විසින් ඉල්ලා සිටින්නේ ජනතාවට බලය හිමිවන ජනතා අභිලාෂයන් ඉටුකර ගැනීමට හැකි නව ආන්ඩුක්රම ව්‍යවස්ථාවක් වුවත් වත්මන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද 21වන ආන්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එම අපේක්ෂාවන් ඉටු නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා.
මාධ්‍ය හමුවක් කැදවමින් ඊයේ(30) ඔහු මෙම අදහස් පල කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා කියා සිටියේ විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ කෙටුම්පත 19 වන සංශෝධනය ඉක්මවා යන යෝජනාවක් වී නොමැති අතර 19 වන සංශෝධනයටත් වඩා දුර්වල යෝජනාවලියක් බවයි.
ගෝඨා ගෝ හෝම් කියු ජනතාව යෝජනා කළේ ගෝඨාභය ගෙදර යනු ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමයත් අහෝසි කරනු කියන සටන් පාඨය වුනත් ආන්ඩුව ඉදිරිපත් කරන යෝජනාව හරහා ගෝඨාභය ගෙදර යන්නේ නැහැ පමණක් නෙමෙයි විධායක ජනාධිපති ධූරයත් පුංචි පුංචි සංශෝධන හරහා පවත්වාගෙන යාමට මෙමගින් උපක්රමිකව උත්සාහ ගෙන ඇති බව ජයගොඩ මහතා වැඩිදුරටත් පවසනවා.
තවද තමන් පත්කරන ලද මහජන නියෝජිතයින්ගෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොමැති නම් ඒ අයව නැවත කැදවීමේ බලය ද තමන් වෙත ලැබිය යුතුයි කියන ඉල්ලීම ද මෙම අරගලයේ කොටසක් බවත් එම ඉල්ලීම ගණනකට වත් ගෙන නොමැති බව ඔහු පවසනවා.
වත්මන් පොදු ජන සමාජයටම පාර්ලිමේන්තුව, දේශපාලන පක්ෂ ක්‍රමය ඇතුළු මුළු ස්ථාපිතයම සම්බන්ධයෙන් බරපතල අවිශ්වාසයක් පැණ නැගී ඇති බැවින් අරගලයේ මූළික ඉල්ලීමක් වන්නේ ආන්ඩුකරණයේ දී නීති සම්පාදනයේ දී , පරිපාලන කටයුතු වලදී ජන සහභාගිත්වයක් අවශ්‍ය වුවත් මෙම 21 වන යෝජනාවලිය හරහා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව ජයගොඩ මහතා පවසනවා.
සමගි ජන බලවේගයේ රංජිත් මද්දුමබන්ඩාර මහතාගේ පෞද්ගලික යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ කෙටුම්පත හරහා විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට යෝජනා වී ඇති අතර එය 19 ඉක්මවා යන යෝජනාවලියක් නිසා විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවලියට වඩා එය සාධනීය බව පුබුදු ජයගොඩ මහතා පවසනවා.
ආන්ඩුව විසින් විජේදාස රාජපක්ෂ මහතා හරහා ඉදිරිපත් කර ඇති යෝජනාවලිය ජනතාවට රටට යහපතක් අත් කර නොදෙන බැවින් සමස්ථ අරගලය තවත් ශක්තිමත් කර ආන්ඩුව ගෙදර යවන්න කටයුතු කරන බව ජයගොඩ මහතා වැඩිදුරටත් පවසනවා.
තවද රටේ කෙටිකාලීන සහ දිගුකාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ වහා ක්‍රියාත්මක කළ යුතු බැවින් ඒ සදහා දේශපාලන ප්‍රතිසංස්කරණ හරහා රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කළ යුතු බව අවධාරණය කළ ජයගොඩ මහතා ඒ සදහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසුවා.
එම සම්පූර්ණ මාධ්‍ය හමුව පහතින්,