Latestදේශීය

ජනාධිපති සමාව අත්හිටුවයි – දුමින්ද සිල්වා වහාම අත්අඩංගුවට ගන්න නියෝග

මරණ දඬුවම් නියම කර සිර ගත කර සිටින ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපතිවරයා විසින් පොදු සමාව ලබා දීමේ  තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කර ඇත.

ඒ අනුව දුමින්ද සිල්වා වහා අත්අඩංගුවට ගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ.

එමෙන්ම ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගන්නා ලෙසද නියෝග කර ඇත.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණීකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු තිදෙනකු ගොනු කළ පෙත්සමක් සලකා බලමිනි.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *