Latestදේශීය

මහ කන්නයෙන් පසුව සහල් ආනයනය නතර කරනවා – මහින්ද අමරවීර

මෙරටට අවශ්‍ය සහල් නිෂ්පාදනයට දැනටමත් සැලසුම් සකස්කරමින් සිටින බවත් එන කන්නයේ දී මෙරට පුරන් කුඹුරු සියල්ල අස්වැද්දීමට වැඩපිළිවෙලක් දියත් කරන බවත් සම කැබිනට් ප්‍රකාශක, කෘෂිකර්ම සහ වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.

ඒ අනුව, මෙරටට අවශ්‍ය සහල් නිෂ්පාදනය කිරීමට මෙම සකස් කරන වැඩපිළිවෙලවල් වලින් හැකි වනු බවත්, එය වත්මන් රජයට කළ හැක්කක් බවත් හෙතෙම සඳහන් කරන ලදුව තමා එවකට 2018 කෘෂිකර්ම අමාත්‍යවරයා ව සිටිය දී ද මෙරට වැඩිම වී අස්වැන්න වාර්තා කිරීමට හැකි වූ බවත් එම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු වැඩපිළිවෙලවල් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් හෙතෙම පැවසුවේය.

එමෙන්ම, වගා කරන ගොවියාට පාඩු නොවෙන්නට ද සහනදායි වැඩපිළිවෙලක් සකස් කිරීමට කටයුතු කරන අතර එය, වී ගොවියාට මුල්‍යමය ආධාරයක් හෝ වගා හානි වුවහොත් වන්දියක්, පොහොර සඳහා වන්දියක් හෝ වී විකුණා ගත නොහැකි වුවහොත් රජය විසින් වී ඉහළ මිලකට මිල දී ගැනීමට කටයුතු කිරීම හෝ  විය හැකි බව හෙතෙම කියා සිටියේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *