බේකරි 2000ක් වැහිලා – බේකරි හිමියන්ගේ සංගමය
මේ වනවිට උද්ගතව ඇති ගෑස් සහ ඉන්ධන හිඟය හේතුවෙන් දිවයින පුරා පිහිටි බේකරි 7000න්, 2000කට ආසන්න සංඛ්‍යාවක් වැසීගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කළේ ඉන්ධන හිඟය මෙන්ම පාන් පිටි මිල ඉහළ යෑමද මෙම තත්වයට බලපා ඇති බවය.
මෙම තත්වය තවදුරටත් පැවැතියහොත් ඉදිරියේදී බේකරි නිෂ්පාදන මිලදී ගැනීම සඳහාද දිගු පෝලිම් ඇතිවිය හැකි බවද ඔහු සඳහන් කරයි.
නුදුරේදීම පාන් පිටි මිල තවත් රුපියල් 50කින් වැඩි කිරීමේ සූදානමක පවතින බවත්, මේ වනවිට මාළු පාන් රුපියල් 120ක්, කේක් කිලෝවක් රුපියල් 1000ක් දක්වා ඉහළගොස් ඇති බවත් පිටි මිල තවත් ඉහළ දැමූවහොත් බේකරි නිෂ්පාදන මිල තවත් ඉහළ දැමීමට සිදුවන බවත් ඔහු පවසයි.
Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

