සා. පෙළ සිසුවියට කළ ලිංගික හිංසනය පිළිබද දැඩි පියවර – අධ්‍යාපන අමාත්‍යංශය
සා.පෙළට පෙනී සිටි සිසුවිය විභාග ශාලා නිරීක්ෂක විසින් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් පරීක්ෂණ සිදු කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.
පසුගිය 25 වැනි දින හිඳෝගම පාසල් විභාග මධ්‍යස්ථානයක් තුළ අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා පෙනී සිටි සිසුවියකට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු කියාදෙන මුවාවෙන් විභාග නිරීක්ෂකයෙකු විසින් ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් විවිධ පුවත්පත් සහ මාධ්‍ය ඔස්සේ ප්රවෘත්ති පළ වූ අතර ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ අධ්‍යාපන අමාත්‍යවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහත කරුණු සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන ලෙස විභාග කොමසාරිස්ට දන්වා ඇත.
ඒ අනුව ඉහත කරුණ සම්බන්ධව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් වාර්තාවක් කැඳවන ලදී. එම වාර්තාවට අනුව පහත සඳහන් පියවර අනුගමනය කර ඇත.
1. වින්දිත සිසුවියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම
2. විභාග ශාලාධිපතිගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම
3. සහකාර ශාලාධිපතිගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම
4. චූදිත නිරීක්ෂකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම
5. ශාලාවේ එම අවස්ථාවේ විභාගයට පෙනී සිටි සෙසු අපේක්ෂකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම
ඉහත වර්තාවන්ට අනුව හිඳෝගම පොලිසිය විසින් චූදිත නිරීක්ෂක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතින බව අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

