ජාතික ජන බලවේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සාකච්ඡා අරඹයි
රාජපක්ෂ පාලනයට එරෙහි ජන අරගලය සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීමට ජාතික ජන බලවේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ(31) විශේෂ හමුවක් පැවැත්වුනා. මෙම හමුව පැවැත්වුනේ බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූළස්ථානයේදී.
ජනතා අරගලයේ අභිලාෂයන් සාර්ථක කරගැනීම, පසුගිය 09 වෙනිදා රාත්‍රියේ සිදුවූ සිදුවීම් පදනම් කරගනිමින් ආන්ඩුව විශාල මර්ධනයක් දියත් කරමින් තිබීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ දිනාගැනීම යන කරුණු මත පදනම්ව මෙම සාකච්ඡාව පැවැත්වීම සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සාකච්ඡාවක් ඉල්ලා සිටීම තුළයි මෙම හමුව පවත්වා ඇත්තේ.
මේ සදහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, කේ ඩී ලාල්කාන්ත, ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් පුබුදු ජයගොඩ, චමීර කොස්වත්ත සහ චන්දන සිරිමල්වත්ත යන මහත්වරුන් සහභාගි වුනා.
මෙම හමුවේ දී ඉහත කරුණු 3 සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර දෙපාර්ෂවය ඇතිකරගත් එකගතාවයන් පිළිබදව නිෂ්චිත අදහසක් මාධ්‍ය වෙත ඉදිරිපත් නොවූ අතර ඉදිරි සාකච්ඡාවන් සදහා අවස්ථාවන් විවෘතව පවතින බව දෙපාර්ශවයේ නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.
තවද මෙම සාකච්ඡාවෙන් අනතුරුව වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා පැවසුවේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන පාර්ශව වන ජනතා විමුක්ති පෙරමුණ සමගින් සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය තම පක්ෂය විසින් ජනතා විමුක්ති පෙරමුණට දැනුම් දී ඇති බැවින් ඉදිරි දිනෙක එම සාකච්ඡාව ද හමුවනු ඇතැයි විශ්වාස කරන බවයි.