නායායෑම් පිළිබද අනතුරු අඟවයි
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි.
රත්නපුර, කලවාන , ඇලපාත, කුරුවිට, ඇහැලියගොඩ, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ ආශ්රිත ප්‍රදේශ සඳහා අදියර 3 මට්ටමේ (රතු) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.මෙම අනතුරු ඇඟවීම් කාලය ඊයේ (31) පස්වරුවේ සිට අද (01) පස්වරුව දක්වා බල පැවැත්වෙන බව එම සංවිධානය වැඩිදුරටත් දන්වා සිටී.
තවද අදියර 1 යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල , යටියන්තොට, වරකාපොල, රුවන්වැල්ල , බුලත්කොහුපිටිය, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල , පාලින්දනුවර , වලල්ලාවිට, ඉංගිරිය , මහනුවර දිස්ත්රිකක්කයේ පස්බාගේකෝරළේ , කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක හා පාදුක්ක , මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, අතුරලිය , පිටබැද්දර , කොටපල , නුවරඑළිය දිස්ත්‍රික්යේ අඹගමුව , රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල , අයගම, ගොඩකවෙල, කහවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි කඳුකර බෑවුම් සහ ඒ ආශ්රිත ප්‍රදේශවල ජනතාව වර්ෂාව තවදුරටත් පවතී නම් නායයාම් අනතුරු පිළීබඳ විමසිලිමත් වන ලෙස එම සංවිධානය දැනුම් දෙයි.
තවද අදියර 2 යටතේ හඳුනාගත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට , රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර , පැල්මඩුල්ල , කලවාන , සහ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජීවත්වල ජනතාව වර්ෂාව තවදුරටත් පවතින්නේ නම් අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථානවෙත යාමට සූදානම් වන ලෙසද එම සංවිධානය ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

