Latestවිදේශීය

ක්‍රිෂ්ණකුමාර් කුන්නත් (K.K.) මියයයි

ප්‍රේමය ගීතවත් කරමින් ලොව පුරා රසික උන්මාදයක් බිහි කළ බිහි කළ K.K හෙවත් ක්‍රිෂ්ණකුමාර් කුන්නත් කල්කටා නුවර ප්‍රසංගයකින් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

53 හැවිරිදි K.K මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ,සංගීත ප්‍රසංගයට සහභාගී වී පැය කිහිපයකට පසුවයි.

K.K ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

කල්කටාහි නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයේ ඇද වැටී K.K ජීවිතක්ෂයට පත්ව ඇතැයි, වාර්තා වේ.

K.K දින දෙකක් අඛණ්ඩව ප්‍රසංගවලට සහභාගී වි ඇති බවත් , 2400 කට ඉඩ ඇති ප්‍රසංග ශාලාව පුරා ඊට වඩා සෙනගක් සිට ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

1999 දී භාරත ගීත ක්ෂේත්‍රයට එක් වූ K.K දෙමළ තෙළිගු කන්නට මරාති බෙංගාලි ගුජරාටි ගුජරාටි ආදී භාෂාවලින් ගීත ගයමින් රසිකයන් පිනවීය.

News 1st


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *