දේශබන්දු තෙන්නකෝන් ගේ දුරකථන දත්ත ඔස්සේ පරීක්ෂණ ඉදිරියට
පසුගිය 09 වන දා ගාලු මුවදොර හා අරලියගහ මන්දිරය ආශ්රිත ප්‍රදේශවල ඇතිවූ කලහාකාරී සිදුවීමට අදාලව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ජංගම දුරකථන දත්ත ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබේ.
රහස් පොලිසිය විසින් ඔහුගේ ජංගම දුරකථනය ඔවුන්ගේ භාරයට ගෙන එම දත්ත ලබා ගෙන තිබේ.
ඒ අනුව සිද්ධිය වූ දින දේශබන්දු තෙන්නකෝන් මහතාගේ දුරකථන ලැබුණු ඇමතුම් සහ ඔහු ලබාගත් ඇමතුම් පිළිබඳ දත්ත මෙහිදී විශ්ලේෂණය කිරීමට නියමිතය.
අරගල කරුවන්ට පහර දීමට පැමිණෙන පිරිස් වළක්වන්නැයි ජනාධිපතිවරයා විසින් නියෝග ලබාදී තිබියදී එම නියෝගය ක්‍රියාත්මක නොකරන්නැයි පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම්දුන් බව දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් රහස් පොලිසිය හමුවේ ප්‍රකාශ ලබා දී තිබේ.
මෙසේ දුරකථන දත්ත විශ්ලේෂණය කරන්නේ එම තොරතුරු සනාථ කරගැනීම සඳහාය.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

