Latestදේශීය

මහින්ද අද මානව හිමිකම් කොමිසමට කැදවන්නේ නැහැ

ගෝඨාගෝගම හා මයිනාගෝගම සාමකාමි අරගලයට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (01) මානව හිමිකම් කොමිසම හමුවට නොකැඳවීමට තීරණය කර තිබේ.

ඒ, සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සියලු පොලිස් නිලධාරීන්ගෙන් හා බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන නොමැති වීම හේතුවෙනි.

මානව හිමිකම් කොමිසම පැවසුවේ, වින්දිත පාර්වශයෙන්ද තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බවය.

ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව මානව හිමිකම් කොමිසම පවසයි.

News 1st


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *