ඇමතිකමක් අරගෙන ඩොලර් උපයලා පෙන්නන්නම් – ධම්මික පෙරේරා
1987 සිට තමන් අරගලයක සිටින බවත්, ජනාධිපතිවරයා ගෙදර යා යුතු බව තමන් 87 සිට කියන බවත් ධම්මික පෙරේරා මහතා පවසනවා.
කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ආන්ඩුව ගත් තීරණය වැරදි බවත් තමන් වැරදි කියන්න යනවා වෙනුවට ඩොලර් හදන හැටි උපදෙස් දෙන්න උත්සාහ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසනවා.
හිරු රූපවාහිනිය සමග පැවති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කළා.
මේ වන විටත් ලංකාවට ණය දී ඇති රටවල් ලංකාව සමග අමනාපයෙන් පසුවන බවත් ඒ ණය නොගෙවූ නිසා බවත් මෙහිදී වැඩිදුරටත් ඔහු සදහන් කළා.
ඉදිරි මාස 3 ඇතුළත ඩොලර් උපයන ව්‍යාපෘති 100ක් ක්‍රියාත්මක නොකළ හොත් රටේ ජනතාවට ආහාර නැතිව මියයන්නට සිදුවන බව ධම්මික පෙරේරා මහතා මෙම වැඩසටහනේදී පැවසුවා.
ඉදිරි මාස 06ට අමාත්‍යධූරයක් බාර ගෙන රට ගොඩනැගීමේ සහ ඩොලර් උත්පාදනයේ වගකීම බාර ගන්න තමන් සූදානම් බව මෙම වැඩසටහනේදී ඔහු වැඩිදුරටත් පැවසුවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

