Latestක්‍රීඩා

ලසිත් මාලිංග උපාය මාර්ගික පුහුණුකරු

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ උපාය මාර්ගික පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, මාලිංග මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් සඳහා විශේෂඥ තාක්ෂණික දැනුම සහ උපාය මාර්ගික සැළසුම් පසයනු ඇති බවය.

ලසිත් මාලිංග සතු පලපුරුද්ද සහ අත්දැකීම් ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 යි 20 තරගාවලිය ජයග්‍රහණය කිරීමට මහෝපකාරී වන ඇති බවද අදාල නිවේදනයේ සඳහන් ය.

පසුගිය පෙබරවාරි මාසයේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ 20 යි 20 තරගාවලියේදී මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළේ ය.

ලසිත් මාලිංග ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 30කට, එක්දින ජාත්‍යන්තර තරග 226 කට සහ පන්දුවාර 20 යි 20 තරග 84 කට ක්‍රීඩා කර තිබේ.

ඔහු බිඳ හෙලා ඇති මුළු කඩුළු සංඛ්‍යාව 546 කි.

News 1st


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *