ආර්ථික අර්බුධය හමුවේ කාන්තා ලිංගික ශ්‍රමිකයින් 30%කින් වැඩිවෙලා – මුජිබර් රහුමාන්
ආර්ථික අර්බුධය ගැන රට ප්‍රපාතයට පත්වෙලා තියෙන තත්ත්වය ගැන අගමැතිවරයා විවිධ ප්‍රකාශ සිදුකළත් පසුගිය වසර 2ක කාලය තුළ කෘෂිකර්මාන්තය, ආර්ථිකය, සමාජය පිරිහීමට ලක් කළ රාජපක්ෂවරුන් සමග එකට වැඩ කරන්නට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවී තිබීම අවාසනාවන්ත තත්ත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා
පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
වත්මන් ගැටලු වලට හේතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැවින් ඔහු ඉවත් නොවී කරන සියලු වෙනස් කම් ඵල රහිත බවද මෙහිදී රහුමාන් මහතා ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් නොවුනහොත් ජාත්‍යන්තරයේ කිසිදු සහයෝගයක් අපට හිමි නොවන බවත් ඔහු මෙහිදී අවධාරනය කළා.
තවද ගතවුනු කාලය තුළ මෙරට කාන්තා ලිංගික ශ්‍රමිකයන් 30%කින් වර්ධනය වී ඇති බව පවසන රහුමාන් මහතා ඒ තුළ සමාජය බරපතල කඩා වැටීමකට ලක්ව ඇති බවද ඉන් මිදීමට ක්‍රියා නොකළහොත් අනාගතයේ බරපතල ප්‍රතිවිපාක විදින්නට රටක් ලෙස අප සියලුදෙනාටම සිදුවන බවද වැඩිදුරටත් පැවසුවා.