Latestදේශීය

ක්‍රමය මේකම නම් ධම්මික නෙමෙයි කවුරු ආවත් උත්තරයක් නැහැ – අනුර දිසානායක

වත්මන් දේශපාලන සංස්කෘතිය වෙනස් නොවන්නේ නම් , නිවැරදි ජනතාවාදී පාලනයක් ඇති නොවන තාක් කල් ධම්මික හෝ වෙන කිසිවෙක් ආ පමණින් අර්බුධයට උත්තරයක් නොලැබෙන බව අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

කොපමණ දියසෙන් කුමාරවරු පහළවෙයි කියා ජනතාව විශ්වාස කළ ද,  ඇතිවී තිබෙන අර්බුධය පුද්ගල සාධක මත විසදන්න පුලුවන් කරුණක් නොවන බව ඔහු අවධාරණය කරනවා.

අපේ රටේ මේ ආර්ථික ප්‍රතිපත්තිය තීරණාත්මක ලෙස වෙනස් කරන්නේ නැත්නම්, අපේ රටේ අපරාධ දූෂණ වංචාව නාස්තිය ගහනවූ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නේ නැත්නම් ධම්මික නෙමෙයි කවුරු ආවත් උත්තරයක් ලැබෙන්නේ නැති බව අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පවසනවා.  


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *