රුසියාවෙන් තෙල් අරන් ඇමරිකාව තරහා කරගන්න බැහැ කියන අගමැතිවරයෙක් අපිට ඉන්නේ – විමල් වීරවංශ
මෙරට බලශක්ති අවශ්‍යතාවය විශේෂයෙන්ම ඉන්ධන අවශ්‍යතාවය සපුරා ගැනීමට අදාලව පැණනැගී ඇති ගැටලු සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේ විවිද අදහස් පළ වුනා.
රුසියාවෙන් අඩු මිළට තෙල් ලබා ගැනීමට හැකියාව ඇති නමුත් ඒ සදහා ක්‍රියා නොකරන්නේ කුමන හේතුවක් නිසාද කියා වාසුදේව නානායක්කාර මහතා විමසු අතර විෂය භාර අමාත්‍ය කාන්චන විජේසේරක මහතා පැවසුවේ එවැනි අවස්ථාවක් තවමත් උදා වී නොමැති බවයි. තවද වාසුදේව නානායක්කාර මහතා මැදිහත්වී එම අවස්ථාව ලබා දෙනවා නම් තමන් වාසුදේව මහතාව අදාල කමිටුවේ ප්‍රධානියා කරන්නට ද කැමති බව කාන්චන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා පැවසුවේ කාන්චන අමාත්‍යවරයා එලෙස පැවසූව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ රුසියාවෙන් තෙල් ලබාගෙන ඇමරිකාව තරහා කරගැනීමට නොහැකි බවයි. එමනිසා කාන්චන අමාත්‍යවරයා ද ඇත්ත කියන්නේ නැතිනම් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ද ඇත්ත කියන්නේ කියා බරපතල ප්‍රශ්ණයක් තමන් හමුවේ ඇති බව වීරවංශ මහතා වැඩිදුරටත් පැවසුවා.