ඉන්න හිතෙන රටෙන් යන්න හදන ජනතා පෝලිම
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා බත්තරමුල්ල පිහිටි ආගමන විගමන දෙපාර්ථමේන්තුව අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා. ආගමන විගමන දෙපාර්ථමේන්තුව පවසන්නේ විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම් කරන ප්‍රමාණය සාමාන්‍ය දිනවල ඉල්ලුමට වඩා 400% වැඩි වී තිබෙන බවයි.
මේ අතර විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කරන පිරිස අතර දින 4ක් අඛණ්ඩව පෝලිම් හී රැදෙමින් තම බලපත්‍රය ලබා ගැනීමට උත්සාහ කරන පිරිස් බොහොමයක් සිටිනවා.තවද පෝලිම් හී සිටින පිරිසට පිටින් අයතා මුදල් ගණුදෙනු හරහා ගමන් බලපත්‍ර ලබා දෙන බවටද ජනතාව චෝදනා කරනවා.
ඉන්න හිතෙන රට දමා විදෙස් ගතවන්නට තමන් තීරණය කළේ මේ රටේ තමන්ට හෝ තම පවුල්වල අයට අනාගතයක් නැති නිසා බව ජනතාව පවසනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

