දේශීය

ජොන්ස්ටන් දුටු තැන අල්ලන්න නියෝග

ගෝල්ෆේස් අරගලභූමියේ ගෝටා ගෝ ගම සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනා ගෝ ගම සාමකාමී උද්ඝෝෂණයක නිරථව සිටි පිරිසට පසුගිය 09 වනදා එල්ල කළ මැර ප්‍රහාරයට අදාළ නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස නීතිපතිවරයා විසින් නම් කර සිටින, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වහාම අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මෙම නියෝග කර ඇත්තේ, අධිකරණය මඟහැර සිටිම සහ අධිකරණයට පැමිණ නියමිත ස්ථානවල රැඳී නොසිටීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින්.

මැයි 09 වනදා සාමකාමී අරගලයට පහර දී නිරායුධ සිවිල් වැසියන්ට අමානුෂික ලෙස හිංසනය මුදාහැරීමෙන් අනතුරුව රටම කැළඹීමට පත් වූ අතර අනතුරුව රට පුරා විවිධ පහරදීම් සහ ගිනිතැබීම් සිදුවුනා.

එම සිදුවීමට අදට දින මාසයක් සම්පූර්ණ වනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *