Latestක්‍රීඩාදේශීය

දෙවන තරගයේ ජයග්‍රහණයත් ඕස්ට්‍රේලියා කන්ඩායමට

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පන්දුවාර 20යි 20 තරගාවලියේ දෙවන තරගය ද ඊයේ (08) ජයගැනීමට ඕස්ට්‍රේලියා කන්ඩායම සමත් වුනා. ඊයේ පැවති තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වනිදු හසරංග පැවසුවේ තව ලකුණු 15ක් 20ක් ලබා ගැනීමට පිතිකරුවන්ට හැකියාව තිබුනා නම් තරගය ජයග්‍රහණය කිරීමට හැකියාව තිබුනු බවයි.

ලකුණු 125ක අවම ලකුණු සංඛයාවක් සමගින් පන්දු යැවීමට සිදුවීම නිසා දෙවන තරගය ද පරාජය වීමට සිදුවූ බව හසරංග වැඩිදුරටත් පවසනවා.

තම පන්දු වලට තදින් පහරදීමට පිතිකරුවන් උත්සාහ කරන අවස්ථාවන්ට තමන් වැඩි කැමැත්තක් දක්වන බවත් එවිට පිතිකරුවන් දවා ගැනීමට තමන්ට වැඩි හැකියාවක් ඇති බවත් වනිදු හසරංග පවසනවා.

සූම් තාක්ෂණය ඔස්සේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින් වනිදු හසරංග මෙම අදහස් පළ කළා.  


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *