අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
රුහුණු සරසවිය තුළ සිදුකරන මර්ධනය නවත්වන ලෙසත්, අසාධාරණ ලෙස සිදුකළ ශිෂ්‍යභාවය අහෝසි කිරීම වහා ඉවත් කරන ලෙසත් ආන්ඩුවට බල කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ විරෝධතා උද්ඝෝෂණය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මේ වන විටත් සිදුවෙමින් පවතිනවා.
මෙහිදී විශ්ව විද්‍යාල බලධාරීන් සමග සාකච්ඡාවටක යාමට සිසුන් උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය විසින් කදුළු ගැස් ප්‍රහාරයක් එල්ල කළා.
සිසුන් තවමත් විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට උත්සාහ දරන අතර පොලිස් විශේෂ බලඇනි ගෙන්වා විශ්වවිද්‍යාලයට ඇතුලත් වන සියලු දොරටු අවහිර කර තිබෙනවා.
මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

