Latestදේශීය

ධම්මික පෙරේරා ප්‍රභල ඇමතිධූරයකට

මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට නීතිමය බාධාවක් මතුව තිබේ.

ධම්මික පෙරේරා මහතා ව්‍යාපාර ගණනාවක හිමිකරුවෙන් මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වීම නිසා මන්ත්‍රීවරයකු වීමට පෙර ඔවුන් ඔහු ඉන් ඉවත් විය යුතුව ඇත.

ව්‍යවස්ථාව අනුව මන්තී‍්‍රකමක් දරන කිසියම් පුද්ගලයෙකුට හිමිකාරීත්වය සහිත සමාගමක් ආණ්ඩුව සමඟ ගණුදෙනු කලහොක් මන්ත්‍රීධුරය අහෝසි වී යයි.

ධම්මික පෙරේරා මහතා ප්‍රබල ධුරයට පත් වනු ඇතැයි පළවු වාර්තා හේතුවෙන් ඔහුට හිමි ව්‍යාපාර රැසක කොටස් මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් අලූත්ම වාර්තා සඳහන් කරන්නේ ධම්මික පෙරේරා මහතාට අදාළ නීතිමය ගැටලු නිරාකරණය කරගනු ඇති බවයි. ඒ අනුව ඔහුට ලබාදීම සඳහා මෙරට ප්‍රබල ම අමාත්‍යාංශයක් සූදානම් කර ඇතැයි ද සඳහන්ය.

ඔහුට ආයෝජන අංශයට අදාල අමාත්‍ය ධූරයක් වනු ඇතැයි ද ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

එම ඇමති ධුරය සදහා දැනට ජනාධිපතිවරයා යටතේ ඇති විශ්‍යන් කිහිපයක්ද එක්වනු ඇති බවද පැවසේ.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *