සනත් මට සමාවෙන්න – ධම්මික පෙරේරා
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මෙන්ම හිටපු ක්රිකට් නායක සනත් ජයසූරිය මහතාගෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්රි ධම්මික පෙරේරා මහතා සමාව අයැද තිබෙනවා.
හිරු රූපවාහිනී නාලිකාව සමග පැවති සාකච්ඡාවකදී ක්රිකට් සම්බන්ධයෙන් උදාහරණයකට සනත් ජයසූරිය කියන නම වෙනුවට සනත් ගුණතිකල කියන නම ධම්මික පෙරේරා මහතාගෙන් නියවුනු අතර අරවින්ද ද සිල්වා කියන නම වෙනුවට අරවින්ද පෙරේරා ලෙස ද කියවුනා.
සමාජ ජාලා අතර මෙම පුවත විශාල වශයෙන් හුවමාරු වූ අතර අනතුරුව සනත් ජයසූරිය මහතා අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හරිමින් පැවසුවේ තමන් සනත් ජයසූරිය බවයි.
අනතුරුව ධම්මික පෙරේරා මහතා විසින් දුරකථන ඇමතුමක් ලබා දී තමන්ගෙන් සමාව අයැද සිටි බව සනත් ජයසූරිය මහතා තම මුහුණුපොතේ සටහනක් තබමින් පවසනවා.
“Just received a call from Dhammika Perera to apologize to me. I told it was just a slip of the tongue and not a fault of the brain. I wished him all the best for the daunting task ahead. Let’s consider the matter closed,”