Latestදේශීය

මන්නාරම සුළං විදුලිබල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසිඳු පාර්ශ්වයකට බලපෑමක් කළේ නෑ- ජනාධිපති

මන්නාරමේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් තමා කිසිඳු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලපෑමක් නොකළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේදී ලංකා විදුලිබල මණ්ඩ‍ලයේ සභාපතිවරයා කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගකීමෙන් කියා සිටි.


ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය සෑම ව්‍යාපෘතියක් ම ඉතාමත් පාරදෘශ්‍ය සහ වගවීමෙන් යුතුව නිසි ක්‍රියාදාමයන් අනුව පැවරීමය. ශ්‍රී ලංකාවට විදුලිබලය අත්‍යාවශ්‍ය වී ඇති මේ අවස්ථාවේ දී පුනර්ජනනීය බලශක්ති ක්‍රම පිළිබඳ සුවිශාල ව්‍යාපෘතීන් සඳහා ලැබෙන ඉල්ලීම් සීමිත බැවින් ඒවා ගැන සුවිශේෂ අවධානයක් දැක්වුව ද ව්‍යාපෘතීන් සඳහා ආයතන තෝරාගැනීමේ දී රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව පාරදෘශ්‍ය පරිපාටියක් යටතේ ක්‍රියාත්මක කරනු ලැබේ.

ජනාධිපති මාධ්‍ය අංශය


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *