Latestදේශීය

පොහොට්ටු මන්ත්‍රිවරු රනිල්ගේ රැකවරණය අපේක්ෂාවෙන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි.

ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා වන හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු දේශපාලන කටයුතු වලින්ද ඈත් වී සිටීමයි.

මේ වනවිට මහින්ද රාජපක්‍ෂ මහතා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මුණ ගැසීම ඉතාම සීමා කර ඇති බවද වාර්තා වෙයි.

මේ හේතුවෙන් තම ගැටළු සාකච්ඡා කිරීම සඳහා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් තෝරාගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි.

දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ මින් වැඩි පිරිසක් ඉතා ඉක්මනින් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලනය සමග නිල වශයෙන් ඒකාබද්ද වනු ඇති බවයි.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *