Latestදේශීය

ආහාර තොග රැස්කර ගැනීමට එරෙහිව නව නීති – අගමැති

ඉදිරියේදී ආහාර තොග රැස්කර තබා ගැනීම වැලැක්වීම සඳහා සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි රජය නව නීති සම්පාදනය කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ණය ලබා දීමේදි රජයේ මූල්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව ණය ලබා දීමට කටයුතු කරන ලෙස රාජ්‍ය බැංකු වලට දැනුම් දුන් අගමැතිවරයා ණය ලබා දීමේ ප්‍රතිපත්ති නිරීක්ෂණය කරන ලෙස මහ බැංකුවට සහ භාණ්ඩාගාර නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

සහල් මෝල් හිමියන් විසින් ඉල්ලා සිටින ණය පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබා නොදීම මෙන්ම සහල් තොග සගවා ගැනීම් ද සිදුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් මෙහිදී අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කළේය.

සහල් මෝල් හිමියන් විසින් මුහුණ දෙන මූල්‍ය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ ( 15) පැවැති මේ සාකච්ඡාවට රාජ්‍ය සහ වාණිජ බැංකු නියෝජිතයින්, මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සහභාගි විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *