Latestදේශීය

ධම්මිකගේ මන්ත්‍රීධූරයට ‌එරෙහිව නඩු මගට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලෙස පත් කර සිටින ධම්මික පෙරේරා මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එමගින් කියා සිටින්නේ ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට ගත් තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන බවයි.

ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී මන්ත්‍රීවරයෙකු ලෙස පුද්ගලයකු පත් කළ හැක්කේ එම පුද්ගලයා මැතිවරණයේදී දිස්ත්‍රික් සඳහා භාරදුන් නාමයෝජනා වල හෝ ජාතික ලැයිස්තුවේ නම් සඳහන් වුවහොත් පමණක් බවය.

නමුත් ධම්මික පෙරේරා මහතාගේ නම ඉකුත් මැතිවරණයේදී එම කිසිදු නාම යෝජනා පත‍්‍රයක නොතිබූ බැවින් ඔහුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නොහැකි යයි කම්කරුවන් කියා සිටී.

මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසිනි.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *