Latestදේශීය

හිස් මුහුද විතරයි මට පේන්නේ – ලිට්‍රෝ නව සභාපති

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව (15)  මුදිත පීරිස් මහතා එම සමාගමේ පැවති පරිපාලනය දැඩිව විවේචනය කළා.

මේ වනවිට ගොඩබාමින් සිටින ගෑස් නෞකාවට අමතරව ඉදිරි දින කිහිපය සඳහා ගෑස් ආනයනය කිරීමට මෙතෙක් කිසිදු සැලසුමක් සකස් කර නැතැයිද ඉදිරි දින 14 තුළ යළි කිසිදු ගෑස් නැවක් මෙරටට පැමිණෙන්නේ නැතැයිද මුදිත පීරිස් මහතා මෙහිදී ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව සභාපතිවරයා,

“මේ තියෙන විශාල අර්බුදය විසඳන්න බැරි වෙයි කියන එක කනගාටුවෙන් වුණත් ප්‍රකාශ කරන්න වෙයි. මේ නැව ආවට පස්සේ එකම නැවක්වත් ශෙඩූල් කරලා නැහැ. වගකීම් විරහිත භාවයකින් කටයුතු කරපු බවක් මට පේන්නේ. ගොඩබාන කොට සල්ලි දෙන්නම් කියලා නැව් දින වකවානු හරි කතා කර ගෙන තීරණය කරන්න තිබ්බා එහෙම දෙයක්වත් නැහැ. හිස් මහ මුහුද විතරයි මට පේන්නේ.

මට යුතුකමක් වගකීමක් තියෙනවා ඇත්ත තත්වය හෙළිදරව් කරන එක. සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා දින 14ක කාලයක් යයි කියලා මේ සාකච්ඡා මට්ටමෙන් අවශ්‍ය කොන්දේසි සම්පූර්ණ කරපු ඒ සැපයුම්කරුවට ලබා දීලා ඉවර වෙලා ඒ නැව් මෙහෙට ගේන්න. ඒ දින 14ක කාලය තුළ ඒක ගේනකම් ඒ කටිටියට අපට පුළුවන්ද ඊට ඉස්සෙල්ලා ගෑස් නැව් දෙකක් දින කිහිපයක් ඇතුළත ගෙන්නන්න ඉඩ තියෙනවද කියන එක අපි බලනවා. අමාරුකම දැනගෙනමයි මේක භාර ගත්තේ. ගෑස් අර්බුදය විසඳන්න නායකත්වය ලිට්‍රෝ ගෑස් ආයතනයට දෙන්න මට පුළුවන් කියන විශ්වාසය තියෙනවා.”


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *