Latestදේශීය

191ක් කොරියානු රැකියාට

කොරියානු රැකියා සඳහා ගිවිසුම් හිමි වූ ශ්‍රි ලාංකිකයින් 191 දෙනෙකු ( 14 දින) දකුණු කොරියාව බලා පිටත්ව ගියහ.

මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත්ව ගිය 719 වන කණ්ඩායමයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගියදා කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට නේවාසික නියෝජිත ලී චූ චුල් මහතා සමග සිදුකළ සාකච්ඡාවේදී මාස 6ක් තුළ ශ්‍රි ලාංකිකයින් 5800 දෙනෙකු කොරියානු රැකියා සඳහා පිටත්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලදී. එහි ප්‍රථිඵලයක් ලෙස කඩිනමින් රැකියා ගිවිසුම් අත්සන් කර ශ්‍රි ලාංකිකයින් දකුණු කොරියාවට පිටත්කිරිමට කටයුතු කරමින් පවතී.

ශ්‍රි ලංකාව හා දකුණු කොරියාව අතර අත්සන් කෙරුණු රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම අනුව කොරියානු රැකියා සඳහා පුද්ගලයින් ගෙන්වා ගැනීම දකුණු කොරියාව විසින් සිදුකරන අතර, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අදාල ගිවිසුම් ලැබීමෙන් අනතුරුව රැකියා ලාභීන් යොමුකිරීමේ කටයුතු කඩිනමින් සිදුකරමින් සිටියි. කොවිඩ් වසංගතය සමයේ විදේශ රැකියා සඳහා ගෙන්වාගැනීමේ හා බඳවාගැනීම්වල යම් ප්‍රමාදයක් සිදුවුවද, කොරියානු රජය සමග කාර්යාංශය අඛණ්ඩව කටයුතු කිරීම හේතුවෙන් කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් ගෙන්වාගැනීම් වර්ධනය වෙමින් තිබේ.

ඒ අනුව කොරියානු රැකියා සඳහා පිටත්ව යන 720 වන කණ්ඩායම ලෙස 186 ක පිරිසක් 2022.06.20 දින කොරියාව බලා පිටත්ව යාමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *