Latestදේශීය

ජනතාව ණය කන්දක් යට

පසුගිය 2021 වසර අවසන් වනවිට මෙරට ජනතාව තම අවශ්‍යතා සඳහා පෞද්ගලිකව පිළිගත් මූල්‍ය ආයතනවලින් ලබාගෙන තිබූ මුලු ණය ප්‍රමාණය රුපියල් කෝටි 307,508 වී තිබූ අතර එම වර්ෂය අවසන් වනවිට මුලු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 1,940,731 වී තිබිණි.

ජනතාවගේ පරිභෝජන වියදම් සඳහා බැංකු පද්ධතියෙන් පමණක් රුපියල් කෝටි 178,510 ණය ලබාගෙන තිබිණි. එසේම අධ්‍යාපන, කලා සහ විනෝදාත්මක, කෘෂිකාර්මික යන අංශ සඳහා ද පිළිවෙලින් රුපියල් කෝටි 5,460ක් 1,180ක්
සහ 8,135ක් ලබා ගෙන තිබිණි. මේ අතරට නිවාස ඉදි කිරීම සඳහා ලබා ගත් ණය ඇතුලත් විය යුතු වුවද එය මහ බැංකු වාර්තාවේ වෙනමම දක්වා නැත. මූල්‍ය සමාගම්වලින් ජනතාව ලබාගෙන තිබූ මුලු ණය මුදල රුපියල් කෝටි 114,250ක් වී තිබිණ.

බැංකු සහ මූල්‍ය සමාගම් යන එම පිළිගත් මූල්‍ය ආයතනවලට අමතරව උකස් මධ්‍යස්ථාන සහ වෙනත් පොලියට ණය දෙන අසංවිධානාත්මක ආයතන තුළින්ද ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින්ද ණය ලබාගෙන තිබේ.

මීට අමතරව මධ්‍යම රජය සහ රජයට අයත් වාණිජ ආයතන විසින් පසුගිව වර්ෂය අවසන් වනවිට රුපියල් කෝටි 1,940,731 ලබාගෙන තිබීමෙන් රජය ලබා ගත් ණයවල එක් පුද්ගලයෙකුගේ ණය පංගුව රුපියල් 882,150ක් දක්වා ඉහල ගොස් තිබිණි.

Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *