මෝල් හිමියන් 3 දෙනාගේ දිනක ලාභය කෝටි 10යි – මුදිත පෙරේරා
පසුගිය කන්න වල දී වී අඩු මිලට ගෙන අද වන විට සහල් කර විකිණීමෙන් මහා පරිමාණ සහල් මෝල් තිදෙනකු දිනකට රුපියල් කෝටි දහයක ලබන වන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති මුදිත පෙරේරා මහතා පෙන්වා දෙන්නේ එම මෝල් හිමියන් මේ දිනවල වෙළඳපොළට නිකුත් කරනු ලබන්නේ පසුගිය කන්න වලදී මිලට ගත් වී තොග බවත් ඔවුන් එම වී කිලෝවක් මිලට ගෙන ඇත්තේ රුපියල් 60ක පමණ මිලකට බවත්ය.
එමෙන්ම ඉකුත් මහ කන්නයේදී මොවුන් වී මිලදී ගෙන ඇත්තේ කිලෝවක් රුපියල් 110 ට බවද හෙතෙම සඳහන් කළේය.
දැනට රජයේ පාලන මිල යටතේ සහල් අලෙවි කළ ද මොවුන් තිදෙනාට සහල් කිලෝවකින් රුපියල් 50 ක ලාභයක් ඇතැයිද හෙතෙම කියා සිටී.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

